සූර්යාගේ අලුත්ම සොයාගැනීම ගැමා කිරණ Suns Latest Discovery Gamma Rays











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=2WKUYRlVNik

අපි හිතුවටත් වඩා, අපේ ඉර ගොඩක් දීප්තිමත් කියල දන්නවද? 00:00 • ඕගොල්ලො කවද හරි ඉර දිහා බලල හිතල තියෙනවද, මේකෙ කොච්චර අපි දන්නැති දේවල් තියෙනවද කියල? Michigan State University එකේ, Mehr Un Nisa විසින් මෙහෙයවපු, විද්‍යාඥයො කණ්ඩායම හරිම අමුතු දෙයක් හොයාගෙන තියෙනව මේ ගැන. ඒගොල්ලො හොයාගෙන තියෙනව, අපේ ඉර gamma කිරණ නිකුත් කරනව කියල. ඒ විතරක් නෙමෙයි, මේ නිකුත් කරන gamma කිරණ, හිතුවටත් වඩා ගොඩක් වැඩී කියල. • කොහොමද මේගොල්ලො මේක හොයාගත්තෙ? 00:29 • මේ කණ්ඩායම මේක හොයාගෙන තියෙන්නෙ, High-Altitude Water Cherenkov Observatory නැත්තන් HAWC නමින් හඳුන්වන විශේෂ නිරීක්ෂනාගාරයක් නැත්තන් observatory එකක් පාවිච්චි කරල. අනිත් දුරේක්ෂ වගේ රෑට විතරක් නෙමේ, මේ HAWC දුරේක්ෂය උදේ රෑ දෙකේම වැඩ කරනව. තනි ලොකු දුරේක්ෂයක් වගේ නෙමේ, HAWC දුරේක්ෂය හදල තියෙන්නෙ ඉතා විශාල වතුර ටැංකි 300ක් පාවිච්චි කරල. මේක තියෙන්නෙ මෙක්සිකෝවෙ කඳුකර පැත්තක. • ඉරෙන් නිකුත් කරන ඉතාම අධික ශක්තියක් තියෙන මේ gamma කිරණ, අපේ වායුගෝලයට වැදුනම, වායුගෝලයෙ තියෙන පදාර්ථ වල පොඩි පිපිරීමක් වගේ දෙයක් වෙනව. ඊට පස්සෙ මේ පදාර්ථ ප්‍රතික්‍රියා කරනව මේ HAWC එකේ තියෙන වතුර ටැංකි එක්ක. මේ ප්‍රතික්රියාවෙදි නිකුත් වෙනව විශේෂ ආලෝකයක්. මේ නිකුත් වෙන ආලෝකය තමා HAWC එකෙන් අල්ලගන්නෙ. • මොකක්ද මේකෙ පුදුම වෙන්න තියෙන දේ 01:27 • මේකෙ තියෙන මාරම පුදුම සහගත දේ තමා, මේ gamma කිරණ වල ප්‍රමාණය සහ ශක්තිය. මේ හම්බුන gamma කිරණ වල තියෙනව, අපි සුර්යගෙ දකින, අපිට පේන ආලෝකය වගේ ට්‍රිලියන ගුණයක ශක්තියක්. මේක කොච්චර පුදුමයක්ද කියනවා නං විද්‍යාඥයො මුලින්ම හිතල තියෙන්නෙ, ඒගොල්ලො අතින් මොකක් හරි වැරැද්දක් වුනා කියල. ඒත්, අවුරුදු 6ක් පුරාවට දත්ත අරන් බලනකොට ඒගොල්ලන්ට තේරුම් ගිහින් තියෙනව, ඒගොල්ලො මේ දකින දේ ඇත්තක් කියල. • ඇයි මේ හොයාගැනීම වැදගත් වෙන්නෙ? 01:56 • 1990 ගණන් වල, සමහර විද්‍යාඥයො හිතල තියෙනව, මේ gamma කිරණ තියෙන්න පුළුවන් කියල. හැබැයි ඒ එක්කම ඒගොල්ලො හිතල තියෙනව, එහෙම තිබුනත් ඒව ගොඩක් දුර්ලභ වෙන්න ඕනෙ කියල. මේ හොයාගැනීමෙන් පේනව, ඒව ඇත්තටම තියෙනව විතරක් නෙමේ, ඒගොල්ලො හිතුවටත් වඩා ප්‍රමාණයක් මේව තියෙනව කියල. • මේ හොයාගැනීම හරියට විද්‍යාඥයො දැනට විසඳලා ඉවරයි කියල හිතුව ප්‍රහේලිකාවක, විසඳුවෙ නැති කොටසක් හම්බුනා වගේ. මේක නිසා අපේ ඉර ගැන අලුත් ප්‍රශ්න ගොඩක් මතු වෙනව දැන්. විශේෂයෙන්ම, කොහොමද ඉරෙන් මෙච්චර අධික ශක්තියක් තියෙන gamma කිරණ නිකුත් කරන්න පුළුවන් වෙන්නෙ කියන ප්‍රශ්නෙ. • මේ හොයාගැනීම කණ්ඩායමක වැඩක් 02:36 • මේ හොයාගැනීම කරල තියෙන්නෙ එක්කෙනෙක් නෙමේ. මේ HAWC කණ්ඩායමට මුළු ලෝකෙ පුරාවට විද්‍යාඥයො ඇතුලත් වෙනව. මේ ඔක්කොම දෙනා එකතු වෙලා වැඩ කරනව අපේ විශ්වය ගැන අලුත් දේවල් දැනගන්න. මේ හොයාගැනීම ලොකු ඉදිරි පිම්මක් වෙනව, අපේ තරුව නැත්තන් සුර්යා ගැන තව ටිකක් අවබෝධ කරගන්න. • අපි දන්නැති දේවල් කොච්චර තව තියෙනවද? 02:56 • අපි හිතාගෙන හිටියට අපි ගොඩක් දේවල් විශ්වය ගැන දන්නව කියල, මේ gamma කිරණ හොයගැනීමෙන් තේරෙනව, අපි තාම අපේ ළඟම තරුව ගැනවත් හරියට දන්නෑ කියල. කවුද දන්නෙ තව කොච්චර පුදුම හිතෙන දේවල් අපි හොයාගනීද කියල. • ඉතින් ඔයා ඊළඟ පාර ඉර දිහා බලනකොට ( මතක ඇතුව මොනා හරි ඇස් ආරක්ෂා වෙන්න දාන්න ), මතක තියාගන්න, ඒක අහසෙ තියෙන නිකන්ම නිකන් එලිය දෙන බෝලයක් විතරක්ම නෙමේ කියල. ඒක අපි තාමත් හරියටම අඳුරගෙන නැති, සංකීර්ණ ඒ වගේම ගොඩක් රහස් තියාගෙන ඉන්න තරුවක්.

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org