ශ්‍රී වණ ජපමාලය Chaplet of the Holy Wounds











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=SEDnucbNIls

ඔබගේ ජීවිත ජේසු ස්වාමිදරුවන්ගේ අති පිරිසිඳු වූ ශ්‍රී වණ කැළැල් වල වේදනාවන් සමඟ මුසු කරන්න... • කියාගන්න බැරිව හිතේ හිර කරන් ඉන්න පවුකාරකම වේදනාව ප්‍රශ්නය එතුමන්ගේ ශ්‍රී තුවාල වලින් ගැලූ ලෙයින් නහවන්න • (මේ ජපමාලය කීමට දේව මාතා ජපමාලයේ ඇට පංති භාවිතා කල හැකිය) • සාන්ත කුරුසේ අඩයාලමෙන් • අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා • අපගේ දෙවි ස්වාමිනී • පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීතු සාන්තුගේත් නාමයෙන් ආමේන් ජේසූ.. • ආරම්භක යාච්ඤාව.. • දිව්‍ය ගැලවුම්කාරයාණන්වූ ජේසුනී අපටද මුලු ලෝකයටද දයා වුව මැනව.. ආමේන්. • බලසම්පන්නවූ දෙවියනී ශුද්ධවූ දෙවියනී අමරණීය වූ දෙවියනී අපටද ලෝකයේ සියල්ලන්ටද දයා වුව මැනව. • මාගේ ජේසුනී අපට දයාවී ක්ෂමා වුව මැනව. මේ අපගේ අන්තරාවලදී ඔබගේ ශ්‍රී රුධිරය අප පිට වත්කල මැනව. • සදාකාලික පියාණනී අපට දයා වුව මැනව. ඔබගේ පුත්‍රවූ ජේසු තුමන්ගේ ශ්‍රී රුධිරය උදෙසා අපට දයා වනමෙන් උදක්ම ඉල්ලා සිටිමු ආමේන්. • (ලොකු ඇට සඳහා) • සදාකාලික පියාණනී අපගේ ස්වාමින්වූ ජේසු ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී වණ ඔබට ඔප්පු කරමු.. අපගේ ආත්මයන්හි වණ සුව වෙන පිණිස ඒවා ඔබට ඔප්පු කරමු. • (කුඩා ඇට සඳහා) • මාගේ ජේසුනී දයාවී ක්ෂමා වේවා.. ඔබගේ ශ්‍රී වණ උදෙසා ක්ෂමා වේවා. • ......................................................................... • පළමුවන ශ්‍රී වණ අභිරහස-වම් පයේ තුවාළයට • ස්වාමිදරුවනී, ඔබගේ මේ මහත් ශුද්ධවූ තුවාලය ගැන මම ඔබවහන්සේට නමස්කාර කොට ඔබට නිරන්තර ස්තූති පවත්වමි. එයින් ඔබගේ දුක්ඛිතවූ මෑණියන්වහන්සේට හටගත් වික්ෂෝපය වෙනුවට මාගේ යාම් ඊම් වලදී ඔබට විරුද්ධව කලාවූ සියළු පාප වලට ක්ෂමාව ලැබෙන සැටියට ඔබටම යාච්ඤා කරමි. • ......................................................................... • දෙවන ශ්‍රී වණ අභිරහස-දකුණු පයේ තුවාළයට • ස්වාමිදරුවනී, ඔබගේ මේ මහත් ශුද්ධවූ තුවාලය ගැන මම ඔබට නමස්කාර කොට ඔබට නිරන්තර ස්තූති පවත්වමි. එයින් ඔබගේ දුක්ඛිතවූ මෑණියන්වහන්සේට හටගත් වික්ෂෝපය වෙනුවට මට සැබෑවූ අවිශ්වාසයත් මාගේ වචනයෙන් හා ක්‍රියාවෙනුත් ඔබට විරුද්ධව කලාවූ සියළු පාප වලට ක්ෂමාවත් ලැබෙන සැටියට ඔබට යාච්ඤා කරමි. • ......................................................................... • තුන්වන ශ්‍රී වණ අභිරහස-වම් හස්ථයෙහි තුවාළයට • ස්වාමිදරුවනී, ඔබගේ මේ මහත් ශුද්ධවූ තුවාලය ගැන මම ඔබවහන්සේට නමස්කාර කොට ඔබට නිරන්තර ස්තූති පවත්වමි. එයින් ඔබගේ දුක්ඛිතවූ මෑණියන්වහන්සේට හටගත් වික්ෂෝපය වෙනුවට මට භක්තිය ජ්වාලයත් මාගේ බැල්මෙන් හා ශාරීරික ඉන්ද්‍රියන්ගෙන් ඔබට විරුද්ධව කරන්ට යෙදුනු සියළු පාප වලට ක්ෂමාව ලැබෙන සැටියට ඔබටම යාච්ඤා කරමි. • ......................................................................... • හතරවන ශ්‍රී වණ අභිරහස-දකුණු හස්ථයෙහි තුවාළයට • ස්වාමිදරුවනී, ඔබගේ මේ මහත් ශුද්ධවූ තුවාලය ගැන මම ඔබවහන්සේට නමස්කාර කොට ඔබට නිරන්තර ස්තූති පවත්වමි. එයින් ඔබගේ දුක්ඛිතවූ මෑණියන්වහන්සේට හටගත් වික්ෂෝපය වෙනුවට මට සැබෑවූ පාප මනස්ථාපයෙහි වරමත් මාගේ බුද්ධි මනෝ කල්පනාවෙන් ඔබට විරුද්ධව කලාවූ සියළු ද්‍රෝහිකම් වලට ක්ෂමාවත් ලැබෙන සැටියට ඔබට යාච්ඤා කරමි. • ......................................................................... • පස්වන ශ්‍රී වණ අභිරහස-අප ස්වාමිදරුවන්ගේ ශ්‍රී ඇළපත්ලෙහි තුවාලයට • ස්වාමිදරුවනී, මේ ඔබගේ මහත් පිරිසිඳු තුවාලය ගැන මම ඔබවහන්සේට නමස්කාර කොට ඔබට නිරන්තර ස්තූති පවත්වමි.ඔබගේ ශුද්ධවූ හෘදය තියුණු මුවහත් හෙල්ලයකින් ඇනුම්කෑවායින් ඔබගේ දුක්ඛිතවූ මෑණියන්වහ්න්සේගේ ආත්මය වික්ෂෝප කඩු පහරින් සිදුරුවූ වුනේ වේද? එලෙස මගේ හෘදභ්‍යන්තරය ඔබගේ සෙනෙහස නැමැති ඊගස් වලින් සිදුරු කොට මින්මතු කිසිකලෙකත් අපරාධ පාපයකට ඇතුලත් වී ඔබට ද්‍රෝහිකම් කරනවට වඩා මහත් කෲර මරණයට කැමැත්තෙන්ම යටහත් වෙන්නට සැලැස්වුව මැනව.. • ......................................................................... • අවසාන යාච්ඤාව.. • මාගේ සර්ව දුක්භරිතවූ ජේසු ස්වාමිදරුවනී ඔබවහන්සේ විඳපු මේ සියලු දුක්ගාවිනාවල් ගැත්තාට මතු මෝක්ෂානන්ද වේවා. ඔබගේ ශ්‍රී කැළැල් මාගේ අව ගුණ වලට දිව්‍ය ඖෂධ වේවා.. ඔබගේ ලේ ධාරාවල් මාගේ අශුද්ධ පාපවලට දෝවනය වේවා.. ඔබගේ මරණය මාගේ මරණයට අනන්ත ජීවනය වේවා.. මේ ලෙසින් මෙකී සියළු දුක්ප්‍රාප්තිය මාගේ රක්ෂාවද ආරෝග්‍යයද ආනන්දයද ආත්මයෙහිත් ශරීරයෙහිත් සියලු ආශා සංසිඳීමද වේවා. දැනුත් නිතිපතාත් අනන්තකාලයක්ම වේවා.. • ආමේන්..... • #sriwanakonthaya #sriwanajapamalaya #chapletoftheadoredjesus #chapletsinhala #sinhalachaplet #chapletoftheholywounds #sinhalaprayer #sinhalayachna #miracleprayer #miracpechaplet #viralvideo #viral #viraljesus

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org