මහවිරු සැමරුමට LTTE කොඩි යොදාගන්න මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවසර දුන්නද
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=YrYBGNsF4o0
LTTE කොඩි යොදාගනිමින් කරන මහවිරු සැමරුමට මහජන ආරක්ෂක අවසර දුන්නද? • ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති යුද්ධමය තත්වය හේතුවෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම, වාර්ෂිකව නොවැම්බර් මාසයේදී මහවිරු දින සැමරුම් ලෙසින්, උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව විසින් සිදු කරනු ලබනවා. මෙය යුද්ධය පැවැත්වෙන කාලයේ සිට එනම් වසර ගණනාවක සිටම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබන්නක් වන අතර ඒ පිළිබඳව සෑම වසරක ම බොහෝදෙනා විවිධ අදහස්, මත පළ කරනු ලබනවා. • මෙම වසරේ නව ආණ්ඩුවක් බලයට පත්ව ඇති පසුබිමක මෙම මහවිරු සැමරුම් පිළිබඳව නැවතත් දැඩි කතාබහක් ඇතිව ඇති අතර ඒ පිළිබඳව නිරන්තරයෙන් ම සමාජය නොමඟ යවමින්, වැරදි මත සමාජගත කිරීමේ පටු අරමුණු වෙනුවෙන් ඇතැම් පිරිස් ක්‍රියා කරන බව පෙනී යනවා. • මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මෙම මහවිරු සැමරුම් පිළිබඳව සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන ද නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය තුළ මෙන් ම ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය තුළ ද පළ කර ඇති ආකාරය අපට දැකගත හැකි වුණා. ඒ අනුව ඒ පිළිබඳව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට පියවරගනු ලැබුවා. • Fact Check : https://srilanka.factcrescendo.com/20... • #Mahawirucelebration #LTTE #defenceofficer #lka #srilanka #fact #factcrescendo #comparison #fakenews #maaveerarnaal
#############################
